Mar 29, 2020

ඉතාලියේ මරණ දස දහස පන්නයි, ලොව පුරා ආසාදිතයින් 141,953ක් සුවයි

නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට දස දහස ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවන් පසුබිමක් තුළ එරට පාසැල් වසා දැමීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අගමැති ගුසෙප් කොන්ටේ මහතා තීරණය කර තිබේ.

රට අකර්මණ්‍ය කිරීමෙන් ආර්ථික අතින් පසුබෑමට ලක්වූ ජනතාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉතාලි රජය අමෙරිකානු ඩොලර් බිලියන 4.8ක මුදලක් වෙන්කර ඇති බවත් සඳහන් වේ.

චීනයද පසුකරමින් ලොව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට පත්ව ඇති අමෙරිකාවෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 123,000කට අධිකය.නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 201ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ 30,851 ක් වාර්තා වී තිබේ.

හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 662,967 පමණ වන අතර ආසාදිතයින් 141,953 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top