Mar 31, 2020

කොරෝනා පැතිරූ බවට ඇමරිකාව කරන චෝදනාව චීනය ප්‍රතික්ෂේප කරයි

සිය රටේ නව කොරොනා (Covid-19) වසංගතය පැතිරයාමේ වගකීම චීනයට පැවරීමට ඇමරිකාව දරන උත්සාහය චීනය ප්‍රතික්ෂේප කරයි.

ඇමරිකාව ඇතුළු ඇතැම් රටවල් වල සිය රටවල නව කොරොනා වසංගතය (Covid-19) පැතිරයාමේ වගකීම චීනයට යොමු කිරීමේ උත්සාහය පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චංයිග් (Hua Chunying) මහත්මිය අදහස් පළ කර තිබේ.

නව කොරොනා වසංගතයට මුහුණ දීමේදී චීනය කෙරෙහි අසත්‍ය චෝදනා නැගීම, විරෝධය පළ කිරීම හා සිය වගකීම් චීනයට යොමු කිරීම යන ක්‍රියාවන් සඳහා වැය කළ වටිනා කාලය වසංගතය මර්දනය සඳහා නැවත ලබා ගත නොහැකි බව ඇය සඳහන් කර ඇතැයි “චීන සිංහල හඬ" කියා සිටී.

ඒ ඒ රටවල සමගිය හා සහයෝගිතාවය තහවුරු කිරීම තුළින් පමණක් එම වසංගතය ඉක්මනින් මර්දන කළ හැකි බවද ඇය සඳහන් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top