Mar 31, 2020

සිංගප්පූරු දේශපාලන ලොක්කන් මාස 3ක පඩි එපා කියයි

මේ වන විට දරුණු ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති Covid-19 හේතුවෙන් සිංගප්පූරු ජනයා මුහුණදෙන දුෂ්කර කාලවකවානුවේදී ඔවුන් සමග එක්ව නැගී සිටීමේ පියවරක් වශයෙන් එරට ප්‍රධාන දේශපාලන නායකයන් තුන් මාසයක කාලයක වැටුප් ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම තීරණය ගත් දේශපාලන නායකයන් අතර එරට ජනපති, අගමැති, කතානායක, නියෝජ්‍ය කතානායකවරුන් දෙදෙනා හා ඇමතිවරුන් ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසයේදී ද මාසයක වැටුප අත්හැරීමට ඔවුන් එකඟත්වය පළකර තිබුණි.

පසුගිය 26දා සිංගප්පූරුවේ පරිපූරක අයවැය ඉදිරිපත් කරමින් එරට නියෝජ්‍ය අගමැති හා මුදල් අමාත්‍යවරයා වන හන් ස්වී කියත් මහතා පවසා ඇත්තේ පසුගිය මාසයට අමතරව තවත් මාස දෙකක වැටුප් අත්හැරීමට දේශපාලන නිලයන් දරන්නන් තීරණය කර ඇති බවයි.

"ජාතියක සැබෑ ස්වභාවය දැකිය හැක්කේ අර්බුදකාරී කාලවලයි... අපි සියල්ලන්ම මෙවැන්නකට මුහුණ දෙන්නේ එකට... මේ දුෂ්කර කාලවලදී අප සියලු දෙනාම එකිනෙකාව්‍ බලා ගත යුතුයි," යැයි ඔහු මෙහිදී පවසා තිබේ.

"මේ අවස්ථාවේදී සිංගප්පූරු රජය සහ දේශපාලන නායකත්වය සිය වැසියන් සමග සිටියි. අප සිංගප්පූරු වැසියන්ගේ කරදර බෙදා ගෙන ඔවුන් වෙනුවෙන් අපගේ උපරිමය කරන්නෙමු," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

"අපි සෑම සිංගප්පූරු ජාතිකයෙකු සමඟම, සෑම ඉහළට හා පහළට ගමන් කරන්නෙමු."

(ස්ට්‍රේට්ස් ටයිම්ස් ඇසුරෙනි)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top