Apr 01, 2020

වීන ජනපතිට කතක් කළ අපූරු ඇරයුම (වීඩියෝ)

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (31) පස්වරුවේ Hangzhou නගරයේ Xixi ජාතික තෙත්බිම් උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කොරොනා වසංගත තත්ත්වය යහපත් වීම හේතුවෙන් එහි පැමිණෙන සංචාරකයන් වැඩි වී ඇති බව පැවසේ.

කෙසේවුවද, එම සංචාරයේදී වූ අපූරු සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් මේවන විට ලොවපුරා ප්‍රචලිතව තිබේ.

ජනපතිවරයාගේ එම සංචාරය අතරවාරයේ දී බෝට්ටුකින් ගමන් කරමින් සිටි කතක් ජනාධිපතිවරයා දුටු විට සාදරයෙන් ආචාර කරමින් ඇය සමග බෝට්ටු සවාරියකට එක්වන්නැයි ජනාධිපති ෂී ජින් පිං මහතාට ආරාධනා කළේ ය.

ෂී ජින් පිං මහතා ඇගෙන් පෙරලා බෝට්ටුවේ කීදෙනකුට සිටිය හැකි දැයි විමසා සිටියේය. ඇය එවිට සය දෙනෙකුට යා හැකි බව කීවාය.

“මා යන්න කැමතියි, එහෙත් මා සමඟ විශාල පිරිසක් ඉන්න නිසා යන්න බෑ” යනුවෙන් ෂී ජින් පිං මහතා හිනාවෙමින් පිළිතුරු දුන්නේනය.

වීඩියෝව - CCTV+

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top