Apr 02, 2020

ෂෙන්ජන් වල බලු, බළල් මස් තහනම් වෙයි

බලු හා බළල් මස් අලෙවිය හා පරිභෝජනය තහනම් කළ පළමු චීන නගරය බවට දකුණුදිග චීනයේ ෂෙන්ජන් නගරය පත්වී ඇත.

මේ වන විට ලොවපුරා පැතිරගිය කොරෝනාවෛරස් වසංගතයට වනජීවීන් ගේ මාංශ වල සම්බන්ධයක් ඇති බවට හෙළිවීමෙන් අනතුරුව චීන බලධාරීන් විසින් වනජීවී වෙළඳාම සහ පරිභෝජනය තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

ෂෙන්ජන් නගරය විසින් මෙම පියවර සම්බන්ධයෙන් තවත් පියවරක් ඉදිරියට තබමින් බලු හා බළල් මාංශ සම්බන්ධයෙන්ද ඉහත තීරණය ගෙන තිබේ. මෙම නව නීතිය මැයි 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් වන හියුමේන් සොසයිටි ඉන්ටර්නැෂනල් (HSI) පවසන්නේ මස් වෙනුවෙන් ආසියාව පුරාවට වසරකට සුනඛයන් මිලියන 30 ක් මරා දමන බවයි.

HSI වෙනුවෙන් චීනයේ ප්‍රතිපත්ති විශේෂඥ - ආචාර්ය පීටර් ලී මහතා පවසා ඇත්තේ “මෙම තීරණය, සෑම වසරකම චීනය තුළ සුනඛයන් මිලියන 10 ක් සහ බළලුන් මිලියන 4 ක් මරා දැමෙන කුරිරු වෙළඳාම අවසන් කිරීමට ගත් උත්සාහයේ සැබවින්ම වැදගත් සංධිස්ථානයක් විය හැකි,” බවයි.

කෙසේවෙතත්, චීනය විසින් කොරෝනාවෛරස් රෝගීන් හට ප්‍රතිකාර ලෙස වලස් පිත අනුමත කිරීම සම්බන්ධයෙන් මේ වන විට සත්ත්ව අයීතීන් පිළිබඳ සංවිධාන සිය කනස්සල්ල පළ කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top