Apr 03, 2020

Covid-19 ට දිවිදුන් 14ක් දේශප්‍රේමී වීරයින් වෙයි !

චීනයේ Covid-19 වසංගතය වැළැක්වීමේ හා පාලනය කිරීමේ ඉදිරි පෙළහි සිට දිවි පිදූ 14 දෙනෙකු දේශප්‍රේමී වීරයින් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

චීනයේ හූබෙයි පළාත් රජය විසින්, Wang Bing, Feng Xiaolin, Jiang Xueqing, Liu Zhiming සහ Li Wenliang ඇතුළු වසංගතයට එරෙහි සටනේ ඉදිරි පෙළහි සිට දිවි පිදූ 14 දෙනෙකු දේශප්‍රේමී වීරයින් ලෙස නම් කර තිබේ.

"දේශප්‍රේමී වීරයින්" යනු චීන රජය විසින්, රටට, සමාජයට සහ ජනතාවට සිය ජීවිතය කැප කරන පුරවැසියන් නම් කරන ඉහළම ගෞරවනීය නමකි.

ඉදිරි පෙළ ප්‍රතිකාර කටයුතුවලට සෘජු ව සහභාගි වූ වෛද්‍ය කාර්ය මණ්ඩල, වසංගත වැළැක්වීමේ හා පාලනය කිරීමේ ඉදිරි පෙළ කටයුතු කළ පොලිස් නිලධාරීන්, මෙන්ම ජනතාවට අවංකව හා සෙනෙහසින් උදව් උපකාර කළ ප්‍රජා සේවකයින් ද ඊට අයත්ව සිටීම විශේෂ සිද්ධියකි.

නව කොරොනා වසංගතය, චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමෙන් පසු, වේගවත්ම ව්‍යාප්ත වූ, ආසාදන ප්‍රමාණය පුළුල්ම, පාලනය කිරීමට අපහසුම, දැඩි මහජන සෞඛ්‍ය හදිසි සිද්ධියකි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top