Apr 06, 2020

කොටි ධේනුවකටත් Covid-19 හැදිලා!

ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ සිටින සිව් හැවිරිදි මැලේ කොටි ධේනුවකට Covid-19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

මෙම පරීක්ෂණ ප්‍රතිඵලය ඉයෝවා හි ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය විසින් සනාථ කර තිබේ.

යා නම් මෙම කොටි ධේනුව, මිනිසෙකුගෙන් Covid-19 වෛරසය සත්ත්වයෙකුට සම්ප්‍රේෂණය වූ පළමු අවස්ථාව ලෙස සැලකේ.

නාඩියා ඇතුළු බළල් පවුලට අයත් තව සතුන් 6කට, සත්වෝද්‍යාන සේවකයකුගෙන් මෙම රෝගය වැළඳී ඇතැයි පැවසේ.

මොවුන් හට පසුගිය මාසයේ සිට වියළි කැස්සක් වැළඳී තිබුන බවත් එම සත්වෝද්‍යානය පවසයි.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් එම සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය පෝල් කැල්ලේ මහතා පවසා තිබුණේ පැවසුවේ, “පුද්ගලයෙකුගෙන් ආසාදනය වී සත්ත්වයෙකු අසනීප වූ බවට ලෝකයේ අප දැනගත් පළමු අවස්ථාව මෙය," බවයි.

Covid-19 සම්ප්‍රේෂණය පිළිබඳ පර්යේෂණ කරන වෙනත් සත්වෝද්‍යාන හා ආයතන සමඟ මෙම සොයාගැනීම් බෙදා ගැනීමට අදහස් කරන බව ඔහු පැවසීය.

ආරක්ෂිත පිළිවෙත් යටතේ නාඩියා කොටි ධේනුව පරීක්‍ෂා කළ බවත්, Covid-19 පිළිබඳව අප ලබාගන්නා ඕනෑම දැනුමක් මෙම කොරෝනාවෛරසය පිළිබඳව අවබෝධය වැඩි කර ගැනීමට දායක වනු ඇති," බව බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානය නිවේදනයක් මගින් පවසා තිබේ.

නාඩියා මෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කර අනෙක් සතුන් සයදෙනාද සම්පූර්ණ සුවය ලබනු ඇතැයි අපේක්ෂා කරන බව එම සත්වෝද්‍යානය සඳහන් කරයි.

Covid-19 මිනිසුන්ගෙන් සම්ප්‍රේෂණය වීම ඉතා විරල වූත් මෙතෙක් හොඳින් වටහාගෙන නොමැති වූ කරුණක් බැවිනුත් මෙය ඉතා අසාමාන්‍ය සිදුවීමක් ලෙස සැලකේ.

සුරතල් සුනඛයන් හෝ බළලුන් ඇතුළු සතුන්ගෙන් ඇමෙරිකාවේ Covid-19 ආසාදනයන් වී ඇති බවට මේ දක්වා කිසිදු සාක්ෂියක් නොමැති බවද සත්වෝද්‍යාන ප්‍රකාශයේ සඳහන් වේ.

සුරතල් සුනඛයින්ට හෝ බළලුන්ගෙන් Covid-19 ආසාදනය වී හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේද (WHO) මතයයි.

කෙසේ වෙතත්, වානරයන් වැනි ඇතැම් වනජීවීන්ට Covid-19 තර්ජනයක් විය හැකි බවට අනතුරු අඟවන සංරක්ෂණ විශේෂඥයන් ගෝරිල්ලන්, චිම්පන්සීන් හා ඔරංඔටන් වැනි වානරයන් මුහුණ දෙන මෙම අවදානම අවම කිරීමට පියවර ගත යුතු බව අවධාරණය කර තිබේ.

(බීබීසී පුවත්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top