Apr 08, 2020

විදුලිඑළි දල්වා වූහාන්වලින් කොරෝනා කරදරේ පලවා හරියි (වීඩියෝ)

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවා වූහාන් නගරය වසා දැමීමට ගත් තීරණය අද (08) සිට අවලංගු කර තිබේ.

එම නගරය වසා දමා ඇති නමුත් එම නීති අද පටන් ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

පසුගිය ජනවාරි 23 වැනිදා පටන් වූහාන් නගරය සෙසු ලෝකයෙන් හුදෙකලා කරමින් වසාදමා පැවතියේය.

නමුත් බලධාරීන් දැන් පවසන්නේ සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ට අවශ්‍ය නම් අද පටන් නගරයෙන් පිටත සංචරණය කළ හැකි බවයි.

වූහාන් හුදකලා කිරීම නිසා එහි ජීවත් වූ මිලියන 11ක ජනතාවක් නිවෙස්වල කොටුවී සිටියේය.

වූහාන් නගරයේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින නමුත් ලෝකයේ ඇතැම් රටවල තත්ත්වය දිනෙන් දින බරපතළ වෙමින් පවතියි.

කෙසේවුවද, වූහාන් නගර ලෝකයට විවෘත කරනු ලැබුවේ අහස උසට ඇති කොන්ක්‍රීට් බිල්ඩින්වල මධ්‍යම රාත්‍රියේ විදුලි එළිදල්වමිනි.

මේ විදුලි ධාරාවල විශේෂත්වයක් වූයේ ඒ ආලෝක එළි අතර Covid-19 වෛරසයෙන් චීනය ගලවා ගැනීමට දායක වූ සෞඛ්‍ය නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ගේ රුවවල් ඇඳී තිබීමය.

දර්ශන අනුග්‍රහය - CCTV+

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top