Apr 12, 2020

කොරෝනා කාලේ පාස්කු සැමරුම් (ඡායා) Featured

නව කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් විවිධ රටවල පනවා ඇති ආරක්ෂක ක්‍රමවේද අනුව ලොවපුරා කිතුනුවන් පාස්කු උත්සවය සමරා තිබේ.

ඇතැම් රටවල පාස්කු දේව මෙහෙය අන්තර්ජාලය ඔස්සේ සජීවීව ලබාදුන් අතර, ඇතැම් රටවල කොරෝනාවෛරසයට එරෙහිව පැනවූ තහංචි නොසලකා හරිමින් සිරිත් පරිදි පාස්කු සැමරුම් පවත්වා තිබුණි.

රටවල් කිහිපයක පාස්කු ඉරිදා සැමරුම් සිදුවූ අයුරු පහත දැක්වේ.

(ඡායාරූප: බීබීසී ප්‍රවෘත්ති)

001සාම්ප්‍රදායික ඕතඩොක්ස් සැමරුම් උත්සවයේ කොටසක් ලෙස රුමේනියාවේ හෙරස්ටි හි සොහොන් පිටියකට එක්රැස් වූ බැතිමතුන් පිරිසක්. (AFP)

002ලොව බොහෝ පල්ලි වලට සමානව පාස්කු ඉරිදා දේවමෙහෙය අන්තර්ජාලය ඔස්සේ සජීවී ව විකාශය කළ පිලිපීනයේ ක්විසොන් නගරයේ පිහිටි පල්ලියක් (EPA)

003ලොක්ඩවුන් වීමෙන් අනතුරුව ලොව පුරා බොහෝ කිතුනුවන් ඔවුන්ගේ නිවෙස් වල සිට පාස්කු ආගමික කටයුතු වලට සහභාගී වූ අතර, මේ එලෙස සිදුකරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පවුලක් (EPA)

004දකුණු කොරියාවේ සෝල් නුවර පල්ලියක ඉරිදා දේවමෙහෙයේදී පූජකයන් විසින් මුහුණු ආවරණ පැළඳ සිටි අයුරු (GETTY Images)

005කෙසේවෙතත්, වඩාත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන මෙන් සිදුකර ඇති ඉල්ලීම් බෙලාරුස් රජය විසින් නොසලකා හැර ඇති අතර, ඒ අනුව ඩ්වෝරෙට්ස් හි මෙම කතෝලික දේවස්ථානයේ පාස්කු දේවමෙහෙයට සාමාන්‍ය ලෙස සහභාගී වන බැතිමතුන් (Reuters)

006සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති ක්‍රියාත්මක වන ජර්මනියේ ඔබර්හවුසන් හි පල්ලියක පූජකවරයෙකු දේව මෙහෙය සිදුකර ඇත්තේ ඊට සහභාගී වීමට නොහැකි වූ බැතිමතුන්ගේ ඡායාරූප හමුවේය. (AFP)

007ඇමෙරිකාවේ මැසචුසෙට්ස් හි පල්ලියක් විසින් පැවැත්වූ Drive through පාස්කු උත්සවයකදී කුකුල් පැටවුන් හා හාවුන් ලෙස සැරසුනු ළමුන් (GETTY Images)

008පෝලන්තයේ සකෝපානේ නගරයේ පූජකයෙක් අශ්ව කරත්තයකින් ගමන් කරන අතරතුරේදී මග දෙපස සිටි බැතිමතුන්ට ශුද්ධ ජලය ඉසීය. (Reuters)

009චිලී රාජ්‍යයේ සැන්ටියාගෝ අගනුවර පූජකවරයෙකු වෑන් රථයක පිටුපස සිට බැතිමතුන්ට ආශිර්වාද ලබාදුන් අයුරු (Reuters)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top