Apr 13, 2020

පාස්කු චොකලට් වලටත් මාස්ක් වැටෙයි! (ඡායා)

Covid-19 වසංගතය හේතුවෙන් ලොව පුරා කිතුනු බැතිමතුන් හට මෙවර පාස්කු ඉරිදා සාමාන්‍ය ලෙස සැමරිය නොහැකි වුවත්, මෙම සමයේ දී සිය පාරිභෝගිකයන් හට පොඩි හෝ සතුටක් ගෙන ඒමට බෙල්ජියමේ ඇතැම් චොක්ලට් නිෂ්පාදකයන් තීරණය කර තිබුණි.

ඒ, මේ වන විටත් ලොවපුරා මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සමීප කොටසක් බවට පත්ව තිබෙන මුහුණු ආවරණ ඇසුරෙනි.

පාස්කු සමයේ චොක්ලට් නිෂ්පාදන වලට බටහිර රටවල ඉහළ ඉල්ලුමක් පවතියි. ඊස්ටර් එග්ස් හා ඊස්ටර් බනී හැඩැති චොක්ලට් මේ අතරින් සුවිශේෂ වේ.

මෙම නිෂ්පාදකවරුන් සිදු කර ඇත්තේ මෙවර පාස්කු සමය වෙනුවෙන් නිපදවූ චොක්ලට් නිෂ්පාදන වලට චොක්ලට් මුහුණු ආවරණ එක්කිරීමයි. මෙම අපූරු නිෂ්පාදන කිහිපයක් පහත දැක්වේ.

කෙසේවෙතත්, වසංගත තත්ත්වය හේතුවෙන් බෙල්ජියමේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවිකරන අලෙවිසැල් හැර අනෙකුත් සියළු කඩසාප්පු වසාදමා ඇති බැවින්, සිය නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ, නිවසටම ගොස් බෙදාහැරීම වැනි ක්‍රමවේද වලින් අලෙවිකිරීමට එරට චොක්ලට් නිෂ්පාදන වලට සිදුවිය.

(ඡායා : AP ඇසුරෙනි)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top