Apr 16, 2020

කොරියානු පාලක පක්ෂය මහමැතිවරණය ජයගනී

Covid-19 වසංගතය අතරතුරදී පැවති දකුණු කොරියානු මහ මැතිවරණය ජයගැනීමට ජනාධිපති මුන් ජේ ඉන්ගේ පාලක පක්ෂය සමත්වී තිබේ.

ඔහුගේ ඩෙමොක්‍රටික් පක්ෂය ආසන 300 කින් 163 ක් අත්පත් කරගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම මැතිවරණය පැවැත්වීමේදී අධි ආරක්ෂක ක්‍රමවේද හා සමාජ දුරස්ථභාවය යන කරුණු පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top