Apr 18, 2020

කොරෝනා මීලග කේන්ද්‍රස්ථානය අප්‍රිකා මහද්වීපයයි

කොරෝනා වෛරසයේ මීලග කේන්ද්‍රස්ථානය බවට අප්‍රිකා මහද්වීපය පත්වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

පසුගිය සතියේදී එම මහද්වීපයේ කොරෝනා ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කිරීම ඊට හේතුව වේ.

මෙම තත්වය හමුවේ අප්‍රිකාවෙන් පමණක් පුද්ගල මරණ ලක්ෂ 3ක් පමණ සටහන් වියහැකි අතර කෝටි 3ක් පමණ දිළිඳුභාවයට පත්විය හැකි බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

අප්‍රිකා මහද්වීපයේ ජනාකීර්ණ නගර වෙත වෛරසය සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවටද වෛද්‍ය උපකරණ හිගය හේතුවෙන් එය පාලනය අසීරු විය හැකි බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top