Apr 20, 2020

නිව්යෝක් වැසියන්ට ඔන්ලයින් බඳින්න ඉඩකඩ

පවතින ලොක්ඩවුන් තත්ත්වය හමුවේ නිව්යෝර්ක් වැසියන් හට අන්තර්ජාලය ඔස්සේ විවාහ වීමට එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝ අවසර ලබාදී තිබේ.

මේ සඳහා අවශ්‍ය නියෝගයකට ද ඔහු අත්සන් තබා ඇත.

මේ අනුව, නිව්යෝක් වැසියන්ට දුරස්ථව විවාහ බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි වන අතර, අන්තර්ජාලය ඔස්සේ විවාහයක් සිදුකිරීමට ඒ අදාල නිලධාරීන් හට අවසර ලැබේ.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර ඇති වී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top