Apr 20, 2020

මුම්බායි මාධ්‍යවේදීන් 53කට කොරෝනා

ඉන්දියාවේ මුම්බායි නුවර මාධ්‍ය වෘත්තිකයන් 53 දෙනෙකුට Covid-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට, අප්‍රේල් 16 හා 17 දිනයේදී මාධ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් පැවති විශේෂ වෛද්‍ය කඳවුරක් පවත්වා ඇති අතර, මෙහිදී බ්‍රිහන්මුම්බායි මහ නගර සභාව (BMC) විසින් එහිදී ඉලෙක්ට්‍රොනික් හා මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදීන්, ඡායාරූප ශිල්පීන් සහ වීඩියෝ කැමරා ශිල්පීන් ඇතුළු මාධ්‍ය වෘත්තිකයන් 171 දෙනෙකුගේ ස්වොබ් සාම්පල් (swab samples) රැස් කර ඇත.

මාධ්‍යවේදීන් 171 දෙනාගෙන් 53 දෙනෙකු හට Covid-19 ආසාදනය වී ඇති බව BMC ප්‍රකාශක විජේ ඛබාලේ මහතා අද (20) පැවසූ බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top