Pasidol
Sathosa Ad Final Sinhala
Feb 08, 2017

පනීර්සෙල්වම් ගේ ප්‍රකාශයෙන් තමිල්නාඩුව කැළඹේ!

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඕ.පන්නීර්සෙල්වම් විසින් ජයලලිතා ගේ සමීපතම සහයිකාව ලෙස සැලකෙන සසිකලා ට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් එම ප්‍රාන්තය කැළඹී ඇතැයි වාර්තා වේ.
ජෙයලලිතා අභාවයට පත්වී දෙමසක් ගතවීමෙන් අනතුරුව තමිල්නාඩුවේ පාලක පක්ෂය වන AIADMK පක්ෂය පසුගිය ඉරිදා දින ප්‍රකාශ කර සිටියේ සසිකලා නටරාජන් මීළඟ පක්ෂ නායිකාව වනු ඇති බවයි. මේ සමග, ජෙයලලිතා අභාවට පත්වීමත් සමග තමිල්නාඩුවේ මහඇමති ලෙස වැඩ භාරගත් ඕ. පන්නීර්සෙල්වම් එම ධූරයෙන් සමුගත්තේය.
 
කෙසේ වෙතත්, ඊයේ දින ජයලලිතා වෙනුවෙන් චෙන්නායි නුවර මරීනා වෙරළේ ඉදිකෙරුණු ස්මාරකය අසල විනාඩි 40ක් පමණ භාවනායෝගීව සිටි පන්නීර්සෙල්වම් පසුව ප්‍රකාශ කර තිබුණේ සසිකලා සඳහා ඉඩකඩ සැලසීමට තමාට සිය ධූරයෙන් ඉවත්වීමට සිදුවූ බවයි.
 
තමිල්නාඩුවේ මහඇමති ලෙස තමාව පත්කිරීම ජෙයලලිතා ගේ අභිප්‍රාය වුවත්, ඉරිදා දින නීතිවේදීන් පිරිසක් විසින් තමාගෙන් අස්වීමේ ලියකියවිලි ලබාගැනීමට කටයුතු කළ බවත් ඔහු පවසා තිබේ.
 
කෙසේවෙතත්, ජනතාව කැමැත්ත පළ කරන්නේ නම් තම ඉල්ලා අස්වීම, ඉල්ලා අස්කරගැනීමට කැමති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
 
මේ සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුවී ඇති අතර, සසිකලා හට සහය පළ කරන ඇතැම් AIADMK නායකයන්  විසින් පන්නීර්සෙල්වම් ව විවේචනයට ලක්කරමින් ඔහු පවාදෙන්නෙකු යැයි චෝදනා කර ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top