Apr 21, 2020

Covid-19 නිසා මාධ්‍ය නිදහසට තවදුරටත් තර්ජන  - RSF

පවතින Covid-19 වසංගතය මගින් ලොවපුරා මාධ්‍ය නිදහසට එල්ල වන තර්ජනය තවදුරටත් වැඩි වී ඇති බව දේශසීමා රහිත වාර්තාකරුවෝ (RSF) විසින් ඉදිරිපත් කර ඇති 2020 ලෝක ජනමාධ්‍ය නිදහස් දර්ශකයේ දැක්වේ.

ඉදිරි දශකය, මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතයට ඉතා තීරණාත්මක වන බවද එහි දැක්වේ.

වාර්ෂිකව ඉදිරිපත් කෙරෙන මෙම දර්ශකය මගින් රටවල් 180ක මාධ්‍ය නිදහසේ කාර්ය සාධනය ශ්‍රේණිගත කරයි.

2020 ලෝක ජනමාධ්‍ය නිදහස් දර්ශකයේද මුල් ස්ථානයට පැමිණීමට නෝර්වේ රාජ්‍යය සමත්වී තිබෙන අතර, එහි අවසානයේම සිටින්නේ උතුරු කොරියාවයි.

පසුගිය වසරේදී 126 ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, මේ වසරේදී 127 ස්ථානයේ සිටියි.

2020 ලෝක ජනමාධ්‍ය නිදහස් දර්ශකය මෙතනින් :

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top