Apr 22, 2020

"කොරෝනා ආරම්භය සිදුවුණේ සතෙකුගෙන් !" Featured

Covid-19 හෙවත් නව කොරොනා වෛරසය රසායනාගාරයක කෘත්‍රිමව නිපදවනවාට වඩා සතුන්ගෙන් ආරම්භ විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි ප්‍රකාශිකා ෆෙඩෙලා චයිබ් (Fadela Chaib) මහත්මිය ඊයේ (21) එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා ය. 

දැනට පවතින සාක්ෂිවලට අනුව, නව කොරොනා වෛරසය රසායනාගාරයක කෘත්‍රිමව නිපදවනවාට වඩා එය සතුන්ගෙන් ආරම්භ වු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරයි. බොහෝ දුරට වවුලන් නව කොරොනා වෛරසයේ ස්වභාවික වාහකයා විය හැකිය. 

නමුත් ඊට අතරමැදි වාහකයෙකු සිටින බවත්, එමගින් නව කොරොනා වෛරසය වවුලන්ගෙන් මනුෂ්‍ය වර්ගයාට ආසාදනය වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩිව විශ්වාස කරයි. 

නමුත් මෙම අතරමැදි වාහකයා කුමන ආකාරයේ සත්වයෙක්ද යන්න තවමත් නිශ්චය කර නොමැති බව ෆෙඩෙලා චයිබ් (Fadela Chaib) මහත්මිය පෙන්වා දුන්නා ය. 

මේ අතර, ෆෙඩෙලා චයිබ් (Fadela Chaib) මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට මෙන්ම කටකතාවලට ද එරෙහිව සටන් කරමින් සිටින බව කියා සිටී.

නව කොරොනා වෛරසයේ ප්‍රභවය සොයා ගැනීම සඳහා ඒ ඒ රටවල පර්යේෂකයන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කරයි. 

මෙතෙක්, චීන කණ්ඩායම ඇතුළු කණ්ඩායම් කිහිපයක් මේ සඳහා කටයුතු කරමින් සිටින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඊට සම්බන්ධ වී සිටී.

වර්තමානයේ ඒ ඒ පාර්ශවයන් බිය නොවී කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඇය අවධාරණය කරයි.

මූලාශ්‍රය - CRI

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top