කොරෝනාවෛරස් සහන අරමුදල වෙනුවෙන් ෆයිසාල් එද්හි මහතා විසින් රු. මිලියන 10ක චෙක්පතක් පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් වෙත ලබාදෙමින් (ඡායාරූපය : සමාජ ජාල මාධ්‍ය ඇසුරෙනි) කොරෝනාවෛරස් සහන අරමුදල වෙනුවෙන් ෆයිසාල් එද්හි මහතා විසින් රු. මිලියන 10ක චෙක්පතක් පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් වෙත ලබාදෙමින් (ඡායාරූපය : සමාජ ජාල මාධ්‍ය ඇසුරෙනි)
Apr 23, 2020

ඉම්රාන් ඛාන් ට Covid-19 නෑ ලු  (Update)

නව කොරෝනාවෛරසය ආසාදිත වී ඇතිදැයි PCR පරීක්ෂාවට බඳුන් වූ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ Covid-19 පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක (නෙගට්ව්) බව Covid-19 සම්බන්ධයෙන් එරට ප්‍රධාන භූමිකාවක් ඉටු කරන වෛද්‍ය ෆයිසාල් සුල්තාන් පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

Twitter 670px 20 04 23

---------------------------------------------------------------------------------------------

(අවසන් යාවත්කාලීන කිරීම - Wednesday, 22 April 2020 14:17)

ඉම්රාන් ඛාන්ගේ PCR ප්‍රථිඵල අද

Covid19 ආසාදය වී ඇති දැයි නිරිණය කිරීමට පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් ද PCR පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එහි ප්‍රතිඵල අද (22) දිනයේ නිකුත් වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනාවෛරස් සහන අරමුදල සඳහා එරට ප්‍රධාන දානපතියෙකු වන ෆයිසාල් එද්හි පසුගියදා රු. මිලියන 10ක පරිත්‍යාගයක් ලබාදීමට පසුගියදා ඛාන් මහතාව හමුවී තිබුණු අතර, එද්හි මහතා හට Covid19 ආසාදය වී ඇති බව ඊට පසුව වාර්තා විය.

මේ අනුව, පකිස්තානු අගමැතිවරයාද PCR පරීක්ෂණයකට යොමුකෙරුණි.

(මුලාශ්‍රය: ඩෝන්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top