Apr 23, 2020

යායුතු මග දුරයි - WHO ප්‍රධානී Featured

මේ වන විට පැන්ඩෙමික් ත්ත්වයක් ලෙස පැතිරෙන නව කොරෝනාවෛරස වසංගතය කෙටි කාලයකින් අවසන් නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් එහි ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මහතා ඇනතුරු අඟවා සිටියේ තවමත් යායුතු මාර්ගය දුර බවත් මෙම වෛරසය දිගු කාලයක් පවතිනු ඇති බවත්ය.

බොහෝ රටවල් තවමත් සිටින්නේ වෛරසයේ මුලික අදියරේ බවත්, කලින් වෛරසය පැතිර ගිය රටවල යළිත් එම වෛරසය පැතිර යන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේවන විට ලොවපුරා හඳුනාගෙන ඇති Covid-19 ආසාදිතයන් ගණන මිලියන 2.5කට ආසන්න වන අතර, මෙම වසංගතයෙන් මරණ 160,000කට වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top