Apr 24, 2020

චීනයෙන් WHO වෙත ඩොලර් මිලියන 30ක පරිත්‍යාගයක්

චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට තවත් ඩොලර් මිලියන 30 ක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

මේ බව චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගන්ග් ෂුවාං මහතා ඊයේ (23) දින පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය පද්ධති ගොඩනැගීමට මෙම පරිත්‍යාගය උපකාර වීමට නියමිතය.

COVID-19 වසංගතයට එරෙහිව ජාත්‍යන්තර සහයෝගීතාවයට සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ප්‍රතිචාර ධාරිතාව වැඩි දියුණු කිරීමට සහාය වීම සඳහා චීනය විසින් මාර්තු මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 20 ක් පරිත්‍යාග කර තිබුණි.

(CGTN)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top