Apr 27, 2020

ලොවපුරා කොරෝනා ආසාදිතයන් මිලියන 3ට ළඟාවෙයි

ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව මිලියන තුනට ළඟා වෙමින් තිබෙන බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වල දැක්වේ.

දැනට ලොව පුරා තහවුරු වී ඇති රෝගීන් 2,971,831 ක් සහ මරණ 206,542 ක් වාර්තා වී තිබේ.

වාර්තා නොවීම හා ප්‍රමාණවත් නොවන පරීක්ෂණ නිසාවෙන් බොහෝවිට මෙම සංඛ්‍යා වල සැබෑ තත්ත්වය මීට වඩා බෙහෙවින් වැඩි යැයි පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top