Apr 29, 2020

කොරෝනා නිසා පස්සට ගිය චීනයේ "ද්විත්ව සැසි” මැයි අගදී

සෑම වසරකම චීනයේ පැවැත්වෙන වැදගත්ම දේශපාලන සිදුවීම ලෙස සැලකෙන "ද්විත්ව සැසි” (Two Sessions) මැයි අග පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් ඊයේ (28) ප්‍රකාශයට පත්විය.

චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ (National People's Congress) 13 වැනි සමුළුවේ සමාරම්භක සැසිවාරය මැයි 22දා ආරම්භ වීමට නියමිතය.

චීනයේ ප්‍රධාන දේශපාලන ආයතන දෙකක් වන චීන මහජන දේශපාලන උපදේශක සම්මේලනය (CPPCC) සහ චීනයේ ව්‍යවස්ථාදායකය වන - ජාතික මහජන කොන්ග්රසය (NPC) වාර්ෂිකව පැවැත්වෙන මෙම රැස්වීම් "ද්විත්ව සැසි” (Two Sessions) ලෙස හැඳින්වේ.

"ද්විත්ව සැසි” සාමාන්‍යයෙන් මාර්තු මුල පැවැත්වෙන අතර, මේ වසරේදී පළමුවරට එය එම මාසයේදී පැවැත්වීමට නොහැකිවූයේ කොරෝනාවෛරස් වසංගතය හේතුවෙනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top