Apr 30, 2020

කැප්ටන් ටොම් සියක් ආයු වළඳයි

කොරෝනාවෛරස් වසංගතය අතර බ්‍රිතානයේ NHS ආයතනය වෙත ආධාර රැස් කිරීම සඳහා සිය ගෙවත්ත වටා ඇවිද යාම හේතුවෙන් ලොවපුරා අතිජනප්‍රිය වූ කැප්ටන් ටොම් සිය 100 වැනි  උපන්දිනය සමරයි.

දෙවැනි ලෝක යුද්ධයේ සටන් වැදුනු හමුදා නිලධාරියෙකු වන කපිතාන් ටොම් මුවර් මේ වන විට NHS ආයතනය වෙනුවෙන් පවුම් මිලියන 30 කට වඩා රැස් කිරීමට සමත් විය.

ඔහු වෙත උපන්දින සුභපැතුම්පත් 140,000ක් ලැබී ඇතැයි පැවසෙන අතර, ඔහු ගේ උපන්දිනය සැමරීම සඳහා දෙවැනි ලෝක යුද්ධයේ භාවිතා කෙරුනු 'ස්පිට්ෆයර්' සහ 'හරිකේන්' ගුවන් යානා දෙකක් ඔහු ගේ නිවස උඩින් පියාසර කර තිබේ.

මේ අතර, ඔහු හට කර්නල් ගෞරව පදවියක් පිරිනමා තිබේ. මෙය ඉතා ඉහළ ගෞරවයක් නමුත් තමා තවමත් කැප්ටන් ටොම් බව ඔහු පවසයි.

"මම තවමත් කැප්ටන් ටොම්. ඒ තමයි ඇත්ත මම. නමුත් මිනිසුන් මට කර්නල් කියලා කියන්න කැමති නම්... ඔබට බොහෝම ස්තූතියි!," යැයි ඔහු පවසයි.

මේ අතර, එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායක මයිකල් වෝගන් විසින් කපිතාන් ටොම් නිල වශයෙන් එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පත් කිරීම සඳහා ඔහුට එංගලන්ත ක්‍රිකට් කැප් තොප්පියක් ලබා දී තිබේ.

(බීබීසී පුවත්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top