May 01, 2020

රුසියානු අගමැතිට කොරෝනා

රුසියානු අග්‍රාමාත්‍ය මික්හායිල් මිෂුස්ටින් හට Covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ජනවාරි මාසයේදී අගමැති ධූරයට පත් වූ මිෂුස්ටින් රුසියාවේ Covid-19 වෛරසය මර්ධනය කිරීමේ වැඩකටයුතු වල ඉදිරියෙන්ම සිටි පුද්ගලයෙකි.

තමාට Covid-19 වෛරසය ආසාදනය වී ඇති බව ඔහු රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් මහතා හට වීඩියෝ දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී ඇති අතර, නියෝජ්‍ය අගමැති ආන්ද්‍රේ බෙලෝසොව් විසින් ගත යුතු බව යෝජනා කර ඇත.

මිෂුස්ටින් මහතා ගේ කැපවීම අගය කළ පුටින් මහතා මෙම යෝජනාවට එකඟවී තිබේ.

මේ විට අනුව මිෂුස්ටින් මහතා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

රුසියාව තුළ මේ වන විට වාර්තා වන Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මව ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top