May 03, 2020

කිම් ජොන්-අන් දැකීම සතුටක් - ට්‍රම්ප්

උතුරු කොරියානු නායක කිම් ජොන්-අන්, යළිත් දක්නට ලැබීම සතුටට කරුණක් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සති තුනක නිහඬතාවයකින් අනතුරුව පොහොර කම්හලක් විවෘත කිරීමේ උත්සවයකට කිම් මහතා එක්ව සිටින ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබීමත් සමග ට්‍රම්ප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙලෙස පවසා තිබේ.

Trump tweet

අප්‍රේල් 15දා පැවති කිම් මහතා ගේ සීයා ගේ ජන්ම සැමරුම් වලද කිම් මහතා දක්නට නොලැබීම, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විවිධ මත පළවීමට හේතුවිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top