May 04, 2020

"Covid-19 අරමුදලේ විගණන වාර්තා ප්‍රසිද්ධ කරනවා"

සිය රට තුළ ආරම්භ කළ කොරෝනා සහන අරමුදල විගණනය කර එහි විස්තර ජනතාවට දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරන බවට පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් පොරොන්දු වී තිබේ.

“කොරෝනා වෛරස් සහන අරමුදල මා පෞද්ගලිකවම අධීක්ෂණය කරනවා. මෙම අරමුදල විනිවිදභාවයෙන් යුතුව භාවිතා කරන බවට ජනතාවට සහතික වෙන්න මට අවශ්‍යයි," යැයි ඔහු පැවසීය.

පසුගිය සෙනසුරාදා දිනයේදී ඔහු මේ බව සඳහන් කර තිබුණේ Covid-19 වසංගතය හේතුවෙන් රැකියා අහිමි වූවන් වෙනුවෙන් ආරම්භ කළ වෙබ් අඩවියක් විවෘත කරමිනි.

මේ අතර, පසුගිය මාසයේ පෙට්‍රල් හා ඩීසල් මිලද අඩුවූ බැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුවනු ඇති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබේ.

(මූලාශ්‍රය : Ary News)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top