May 10, 2020

බ්‍රහස්පතිගේ අපූරු ඡායාරූපයක්

නව තාක්ෂණය උපයෝගී කරගෙන බ්‍රහස්පති ග්‍රහයා ගේ අපූරු ඡායාරූපයක් නිපදවීමට තාරකා විද්‍යාඥයින් සමත් වී තිබේ.

තාරකා විද්‍යාඥයින් විසින් බ්‍රහස්පතිගේ අපූරු නව රූපයක් නිපදවා ඇති අතර, වායු යෝධයාගේ වලාකුළු මුදුන් යට සැඟවී ඇති උණුසුමෙහි දීප්තිමත් කලාප සොයා ගනී.

හවායි හි Gemini North දුරේක්ෂයෙන් අධෝරක්ත කිරණ ඔස්සේ මෙම රූපය ග්‍රහණය කර ඇති අතර, පෘථිවියේ සිට මෙතෙක් ලබා ගත් බ්‍රහස්පතිගේ පැහැදිලිම ඡායාරූපයක් ලෙස මෙය සැලකේ

"lucky imaging" නම් ක්‍රමේවදය යොදාගෙන මෙම ඡායාරූපය ලබාගෙන තිබේ.

මෙම ඡායාරූපය ලබාගැනීමට සිදුකළ අධ්‍යයනය, කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයෙන් ප්‍රධානත්වයෙන් සිදුවූවක් වන අතර, මෙයට හබල් දුරේක්ෂයේ මෙන්ම මේ වන විට බ්‍රහස්පති වටා කක්ෂගතව ඇති ජූනෝ අභ්‍යවකාශයේ ඒකාබද්ධ නිරීක්ෂණ වැඩසටහනක කොටසක් ද වන බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top