May 10, 2020

FB, ගූගල් සේවකයන් 2020 අන්තිම වෙනකන් ගෙදර සිට වැඩ

මේ වසර අවසානය තෙක් සිය නිවෙස් වල සිට රැකියා කටයුතු වල නිරත වීමට සිය සේවයකයන් හට ඉඩ ලබාදීමට තීරණය කළ බව ෆේස්බුක් සහ ගූගල් සමාගම් පවසයි.

ඉක්මනින්ම සිය කාර්යාල විවෘත කිරීමට සැලසුම් කර ඇති බව මෙම සමාගම් ද්විත්වයම පවසා ඇති නමුත්, නිවසේ සිට වැඩකිරීම සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී වීමට නියමිතය.

ගූගල් සමාගම මුලින් පවසා සිටියේ නිවසේ සිට වැඩ කිරීමේ සිය සමාගම් ප්‍රතිපත්තිය ජුනි 01 දක්වා පවතින බවයි. ෆේස්බුක් සමාගම ද පවසා සිටියේ සිය කාර්ායල යළිත් ජුනි 06දා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ගූගල් ප්‍රධාන විධායක සුන්දර් පිචායි මහතා පවසා ඇත්තේ කාර්යාලයට පැමිණීමට අවශ්‍ය සේවකයින්ට දැඩි ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ ජූලි මාසයේ රැකියාවට වාර්තා කිරීමට හැකි වනු ඇති බවයි. කෙසේවෙතත්, නිවසේ සිට සිය රැකියාවේ නිරතවිය හැකි සේවයන් බහුතරයට මේ වසර අවසන් වනතෙක් එසේ සිදුකළ හැකි බව ඔහු පවසා ඇත.

ෆේස්බුක් සමාගමද පවසා ඇත්තේ කාර්යාලයෙන් පිටත සිට සිය වැඩ කටයුතු කළ හැකි ඕනෑම කෙනෙකුට මේ වසර අවසන් වන තෙක් එලෙස කටයුතු කිරීමට තීරණය හැකි බවයි.

කෙසේවෙතත්, ෆේස්බුක් ප්‍රකාශිකාවක් පවසා තිබුණේ කාර්යාලයට වාර්තා කළ යුත්තේ කුමණ සේවකයන්දැයි සිය සමාගම තවමත් තීරණය කරමින් සිටින බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top