May 12, 2020

සමාජ දුරස්ථභාවය රකින්න කියන බලු රොබෝ (වීඩියෝ)

Covid-19 වසංගතය අතරතුරදී සමාජ දුරස්ථභාවය රැක ගැනීම සඳහා සිංගප්පූරුව විසින් නව පියවරක් ගෙන තිබේ.

මේ සඳහා 'ස්පොට්' ලෙස නම් කර ඇති රොබෝ සුනඛයෙකු දෙසතියක කාලයක අත්හදාබැලීමකට  සිංගප්පූරුවේ Bishan-Ang Moh Kio උද්‍යානයේ යොදවා තිබේ.

මෙම උද්‍යානයට පැමිණෙන පිරිස් නිරීක්ෂණය කරන 'ස්පොට්' විටින් විට සමාජ දුරස්ථභාවය රැක ගැනීමට උපදෙස් විකාශය කරයි.

'ස්පොට්' නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ බොස්ටන් ඩයිනැමික්ස් සමාගම විසිනි.

(වීඩියෝ : South China Morning Post)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top