May 15, 2020

රොහින්ග්‍යා සරණාගත කඳවුරකින් කොරෝනා ආසාදිතයන් 2ක් 

ලොව විශාලතම සරණාගත කඳවුර ලෙස සැළකෙන බංග්ලාදේශයේ "රෝහින්ග්‍යා" සරණාගත කඳවුරක කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හමු වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මොවුන් හමුව ඇත්තේ බංග්ලාදේශයේ කොක්ස් බසාර් (Cox’s Bazar) සරණාගත කඳවුරෙනි.

මෙම කඳවුරේ මිලියනයකට ආසන්න "රෝහින්ග්‍යා" වැසියන් ජීවත් වන බවද පැවසේ.

එම පිරිසෙන් 1900 කට ආසන්න සරණාගතයින් ප්‍රමාණයක් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව එරට රජයේ වෛද්‍ය නිලධාරීන් මාධ්‍යට පවසා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top