May 18, 2020

Covid-19 එන්නත, ගෝලීය පොදු භාණ්ඩයක් - චීන ජනපති Featured

COVID-19 එන්නතක් නිපදවා චීනයේ එය භාවිතා කළ කලකදී එය ගෝලීය වශයෙන් පොදු භාණ්ඩයක් බවට පත් කෙරෙනු ඇති බව චීන ජනපති ෂී ජින්පිං මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අදට (18) යෙදුනු ලෝක සෞඛ්‍ය සමුළුවේ 73 වැනි සැසිවාරයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ බීජිං අගනුවර සිට සහභාගී වෙමිනි.

මෙය, සංවර්ධනය වෙමින් පවතින රටවල මෙවැනි එන්නතක් ලබාගත ලබාගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා චීනයේ දායකත්වය බව හෙතෙම පැවසීය.

Covid-19 වෛරසය පාලනය කර අවසන් කිරීමෙන් පසුව, වෛරසයට දැක්වූ ගෝලීය ප්‍රතිචාරය සම්බන්ධයෙන් පුළුල් ඇගයීමක් සිදුකිරීමට සහයෝගය ලබාදීමට චීනය එකඟ බවද ෂී මහතා පවසා තිබුණි.

එම කාර්යයට විද්‍යාත්මක හා වෘත්තීය ආකල්පයක් අවශ්‍ය වන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට එහි මූලිකත්වය ගත යුතු බවත්, එය ඒකපාර්ශවීය නොවී සාධාරණ විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉදිරි වසර දෙකක කාලයේදී ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව ගන්නා ගෝලීය ක්‍රියාමාර්ග සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් ලබාදෙන බව ද චීන ජනාධිපතිවරයා එහිදී කීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top