May 20, 2020

කොරෝනා නිසා මිලියන 60ක් අන්ත දරිද්‍රතාවයට ඇදවැටෙන ලකුණු? Featured

Covid19 කොරෝනාවෛරසය හේතුවෙන් මිලියන 60ක පමණ ජනගහනයක් අන්ත දරිද්‍රතාවය දක්වා තල්ලුවීමේ අවදානමක් පවතින බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු අඟවයි.

ලොව පුරා රටවල් Covid19 වසංගතය හා සටන් කරන අතර, මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 5% කින් අඩුවෙනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරන බව ඔහු පවසයි.

මේ හේතුවෙන් මේ වන විටත් මිලියන ගණනකගේ රැකියා අහිමි වී ව්‍යාපාර අසාර්ථක වී ඇති බවත්, එහි වැඩි බලපෑම දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් වලට දැනෙන බව හෙතෙම සඳහන් කරයි.

තවද, මිලියන ගණනක් ජීවනෝපායන් විනාශ වී ඇති බවත් ලොව පුරා සෞඛ්‍ය සේවා පද්ධති දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

"මිලියන 60 ක් පමණ ජනතාව අන්ත දරිද්‍රතාවයට තල්ලු වනු ඇති බව අප ඇස්තමේන්තු කරනවා... මෙය පසුගිය වසර තුන තුළ දරිද්‍රතාවය පිටුදැකීමට සිදුකළ සියලු ප්‍රගතිය මකා දමන්නක්," යැයි මැල්පාස් මහතා අනතුරු ඇඟවීය.

ලෝක බැංකුව "අන්ත දරිද්‍රතාවය" ලෙස අර්ථ දක්වන්නේ දිනකට එක් පුද්ගලයෙකුට ඇමෙරිකානු ඩොලර් 1.90කට වඩා ඒකපුද්ගල ආදායමක් සහිතව ජීවත්වීමයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top