May 31, 2020

පෞද්ගලික රොකට්ටුවකින් ගගනගාමීන් අභ්‍යවකාශයට

පෞද්ගලික රොකට් සමාගමක් වන SpaceX සමාගමේ රොකට් යානයකින් නාසා ගගනගාමීන් දෙදෙනෙකු අභ්‍යවකාශගත කර තිබේ.

මෙලෙස අභ්‍යවකාශගත වූ ඩග් හර්ලි හා බොබ් බෙන්කන්, පැය 19ක ගමණකින් පසුව අද (31) දිනයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිතය.

ඉදිරියේදී අභ්‍යවකාශගත කරන යානා, නාසා ආයතනය සතු නොවන අතර, එය SpaceX විසින් සපයන යානා කුලියට ගනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

(බීබීසී පුවත්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top