Jun 12, 2020

දෙපයින් ගිය කිඹුල්ලු!

සාමාන්‍යයෙන් කිඹුලන් යනු ගොඩබිම මතදී ඉතා වේගයෙන් ගමන් කරන සත්ත්වයන් නොවන අතර, පැයගණනක් ගං ඉවුරු වල හිරුරැස් තපිමින් ගත කරයි.

කෙසේවෙතත්, පුරාණ කිඹුල් විශේෂ දෙපයින් ගමන් කර ඇති බවට සාක්ෂි හමුව ඇතැයි විද්‍යාඥයන් පවසයි.

දකුණු කොරියාවෙන් හමු වූ ෆොසිලකරණයකට ලක්වූ අඩිසලකුණු සියයක් පමණ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විද්‍යාඥයන් මෙවැනි නිගමනයකට එළැඹ ඇත.

වසර මිලියන 110-120ක් පැරණි වන මෙම අඩිසලකුණු පූර්ව ක්‍රෙටේෂස් යුගයට අයත් බව ඔවුන් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top