Jun 13, 2020

රතු පැන්ඩා සංරක්ෂණයට නව පියවරක්

නේපාල කඳුකරයේ වෙසෙන රතු පැන්ඩාවන් වඳ වී යාමේ සාධක පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා එම සතුන් නිරීක්ෂණය කිරීමට චන්ද්‍රිකා තාක්ෂණය යොදාගැනීමට සංරක්ෂකයින් පියවර ගෙන තිබේ.

මෙම ක්ෂීරපායීන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර, නැගෙනහිර හිමාලය හා නිරිතදිග චීනයේ වෙසෙන රතු පැන්ඩා ගහනය සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවී දහස් ගණනක් දක්වා පහත වැටී ඇත.

කැන්චෙන්ජුංගා කන්ද අසල වනාන්තරවල මෙමෙ සතුන් විසිර ඇති පරාසය නිරීක්ෂණය කිරීම සඳහා රතු පැන්ඩාවන් දස දෙනෙකුට ජීපීඑස් කරපටි සවි කර ඇත.

මේ වන විට ජීපීඑස් කරපටි හොඳින් ක්‍රියාත්මක වන බව වාර්තා වන අතර ඒවායින් “ආකර්ෂණීය දත්ත” ලබා දෙන බව පැවසේ.

මූලාශ්‍රය - බීබීසී

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top