Jun 15, 2020

බීජිංහි අළුතෙන් Covid-19 රෝගීන්

ඊයේ (15) දිනයේදී දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ Covid-19 රෝගීන් 36ක්ද, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් 06 දෙනෙකුද චීනයේ බීජිං අගනුවරින් වාර්තා වී ඇත.

බීජිං හා දිස්ත්‍රික්ක අටකින් මේ වන විට Covid-19 ආසාදිතයන් වාර්තා වී තිබේ. ජුනි 11දිනට පෙර දින 56ක් පුරාවට මෙම නගරයෙන් කිසිදු රෝගියෙකු වාර්තා වූයේ නැත.

මේ දක්වා බීජිං අගනුවරින් Covid-19 ආසාදිතයන් 499ක් වාර්තා වී ඇති අතර, ඉන් 411ක් ම සුවවී රෝහල් වලින් පිටවගොස් තිබේ. මේ වන විට රෝගීන් 79ක් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර, බීජිං නුවරින් මේ දක්වා Covid-19 මරණ 09ක් වාර්තා වී තිබේ.

මේ අතර, පසුගිය සතියේදී Covid-19 ආසාදිතයන් වාර්තා වීමත් සමග ෂින්ෆාඩි තොග වෙළඳපොල  වසා දැමීමත් සමග, වගකිවයුතු දිස්ත්‍රික් ප්‍රධානියෙකු හා රජයේ නිලධාරීන් කිහිපදෙනෙකුම ඔවුන්ගේ ධූර වලින් පහකර ඇති බව ද චීන මාධ්‍ය වාර්තා කරයි.

තවද, ලියාඔනිං හා හෙබෙයි පළාත් වලින් ද Covid-19 ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති අතර, මෙම රෝගීන් සියල්ලම බීජිං වලින් වාර්තා වල රෝගීන්ට සම්බන්ධ බව ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top