Jun 18, 2020

සබන් බෝල පරාගණය සාර්ථකයි

සබන් බුබුලක තුනී පටලය මගින් සාර්ථකව පෙයාර්ස් ගස් පරාගණය කිරීමට ජපාන පර්යේෂකයන් සමත් වී ඇතැයි වාර්තා වේ.

ලොවපුරා මීමැසි ගහණ අඩුවෙත්ම විද්‍යාඥයන් විසින් පරාගණය සඳහා විකල්ප සොයමින් සිටියි.

ජපානයේ උසස් විද්‍යා හා තාක්ෂණ ආයතනයේ ආචාර්ය එයිජිරෝ මියාකෝ මහතා විසින් මීට කලින් කෘතිම පරාගණය සඳහා ඩ්‍රෝන භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්හදා තිබුණි. මෙම ඩ්‍රෝනයක දිග සෙ.මී. 2ක් පමණක් වුවත්, එම ක්‍රියාවලිය අතර මල්වලට වලට හානි සිදු විය.

කෙසේවෙතත්, සබන් බෝල සියුම් හා සැහැල්ලු හෙයින් මල්වලට කිසිඳු හානියක් සිදුනොවේ.

එක් දිනකදී සිය පුත්‍රයා සබන් බෝල පුම්බන අයුරු බලා සිටියදී තමාට මෙම අදහස පහළ වූ බව ඔහු සඳහන් කරයි.

සාමාන්‍ය සබන්ද්‍රාවණ බොහෝමයක් මල් වලට විෂ වන බව වටහා ගත් ආචාර්ය මියාකෝ, සිය පර්යේෂණාගාරය තුළ ඊට සුදුසු සබන් බෝල ද්‍රාවණයක් සකස් කළ අතර, මෙම එක් බෝලයකින් පරාග කණිකා 2,000 ක් දක්වා දැරිය හැකි වේ.

පෙයාර්ස් ගස් මත මෙය අත්හදා බැලූ මියාකෝ මහතා ගේ කණ්ඩායමට 95%ක සාර්ථකත්වයක් අත්වී ඇති අතර, පරාගණයෙන් දින 16කට පසුව එම ගස් වල කුඩා ඵල හටගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top