Jun 21, 2020

ස්පාඤ්ඤය යළිත් සංචාරකයන්ට විවෘත වෙයි

නව කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් මේ දක්වා ස්පාඤ්ඤයේ පනවා තිබූ හදිසි තත්වය ඉවත් කර ඇති අතර, යුරෝපයේ බොහෝ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයන්ට සිය දේශසීමා නැවත විවෘත කර තිබේ.

මේ අතර, බ්‍රිතාන්‍යයෙන් එරටට ගමන් කරන වැසියන් නිරෝධායනයට ලක්නොවෙනු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

කොරෝනාවෛරස් වසංගතය මැඩපැවැත්වීම සඳහා තදම නීති සහිත ලොක්ඩවුන් තත්වයක් පැනවූ යුරෝපා රටවල් අතර ස්පාඤ්ඤය කැපී පෙනුනි. මාර්තු 14 දින ස්පාඤ්ඤයේ හදිසි නීතිය පැනවූ අතර, සති ගණනාවක් පුරාවට කිසිවෙකුටවත් සිය නිවෙස් වලින් බැහැරව යාමට අවස්ථාව නොලැබුණි.

යුරෝපය තුළ වැඩිම මරණ වාර්තා වූ රටවල් අතරින් ස්පාඤ්ඤය සිටින්නේ තෙවැනි ස්ථානයේය. මේ දක්වා එරටින් වාර්තා වූ කොරෝනාවෛරස් මරණ ගණන 28,322කි.

කෙසේවෙතත්, සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් දැඩිව පිළිපැදිය යුතු බව අගමැති පේද්‍රෝ සැන්චෙස් මහතා පවසා පවසා තිබේ.

සාමාන්‍යයෙන් ස්පාඤ්ඤයට වසරක් තුළදී සංචාරකයින් මිලියන 80 ක් පමණ ගමන් කරන අතර, සංචාරක ව්‍යාපාරය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% කට වඩා ප්‍රතිශතයක් දරයි. එබැවින් ග්‍රීෂ්ම ඍතුව අවසන් වීමට පෙර යළිත් සංචාරක කර්මාන්තය විවෘත කිරීම එරට ආර්ථිකයට තීරණාත්මක කරුණක් ලෙස සැලකෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top