Jun 22, 2020

කොරෝනා දෙවැනි රැල්ලක් ඇතැයි ද. කොරියාව පිළිගනියි

සාපේක්ෂව අඩු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුවද, දකුණු කොරියාවේ Covid-19 දෙවැනි රැල්ලක් ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරයි.

පළමු රැල්ල සාර්ථක මැඩපැවැත්වීම හේතුවෙන් දකුණු කොරියාවට ගෝලීය වශයෙන් ප්‍රශංසා හිමිවුවද, මෙම වසංගත තත්ත්වය මාස ගණනාවක් පුරාවට පවතිනු ඇතැයි ඔවුන් දැන් අපේක්ෂා කරයි.

කොරියාවේ රෝග පාලන මධ්‍යස්ථාන හි (KCDC) ප්‍රධානී - වෛද්‍ය යුන්-කියොං පවසා සිටියේ පළමු රැල්ල අප්‍රේල් තෙක් පැවති බවයි.

කෙසේවෙතත්, මැයි මාසයේ සිට සෝල් අගනුවර පිහිටි රාත්‍රී සමාජශාලාවල ඇතුළු ස්ථාන කිහිපයකින් නව රෝගීන් පොකුරු මතුවිය.

පසුගිය පැය 24 තුළ විශාල කාර්යාලවල හා ගබඩාවල ඇති වූ පොකුරු කිහිපයකින් නව ආසාදිතයන්  17 දෙනෙකු වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීන් අද ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් රටේ දෙවැනි රැල්ලක් නිර්මාණය වී ඇතැයි තමා නිගමනයකට පැමිණි බවත්, එය වැඩිදුරටත් පවතිනු ඇතැයි සිතන බවත් KCDC ප්‍රධානියා වැඩිදුරටත් පවසා තිබේ.

මේ දක්වා KCDCය පවසා තිබුණේ දකුණු කොරියාවේ පළමු රැල්ල අවසන් නොවූ බවයි. කෙසේවෙතත්, මැයි මුල පැවති නිවාඩු සතිඅන්තයේදී නව රැල්ලක් ආරම්භ වී ඇතැයි මේ වන විට පැහැදිලි බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top