Jun 23, 2020

මෙවර හජ් වන්දනාව විදේශිකයන්ට තහනම්

නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමේ පියවරක් වශයෙන් මෙවර හජ් වන්දනාව විදේශීය වන්දනාකරුවන්ට තහනම් කිරීමට සෞදි අරාබිය තීරණය කර ඇත.

කෙසේවෙතත්, එරට වෙසෙන විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසරය හිමිවනු ඇත.

මෙවර හජ් වන්දනාව විදේශිකයන්ට තහනම්එරට වැසියන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන සමාජ දුරස්ථභාවය රඳවා තබාගැනීමට ගත හැකි එකම ක්‍රමවේදය මෙය බව එරට බලධාරීන් පවසයි.

වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මක්කමට සහ මදිනාවට මිලියන 02 කට ආසන්න බැතිමතුන් පිරිසක් එක්වේ.

මේ දක්වා සෞදි අරාබියෙන් කොරෝනාවෛරස් ආසාදිතයන් 161,005ක් ද මරණ 1,307ක් ද වාර්තා වන අතර, පසුගිය සතිඅන්තය වනතෙක් රටපුරා ලොක්ඩවුන් තත්ත්වය පනවා තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top