Jun 29, 2020

පකිස්තානු කොටස් හුවමාරුවට ප්‍රහාරයක්

පකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් හුවමාරුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කොටස් හුවමාරුවේ ප්‍රධාන ගේට්ටුවට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව වෙඩිකරුවන් ගොඩනැගිල්ලට ඇතුලු වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තවත් කිහිපදෙනෙකුට තුවාල සිදුවී ඇති බවත්, පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාර හමුවේ මෙම තුවක්කුකරුවන් සිවුදෙනාම මියගිය බවත් එරට පොලිසිය සඳහන් කරයි.

බලුච් විමුක්ති හමුදාවේ සටන්කාමීන් පවසා ඇත්තේ මෙම ප්‍රහාරය පිටුපස තමන් සිටින බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top