Jun 30, 2020

බංග්ලාදේශ ආරක්ෂක ලේකම් Covid-19 වලට බිලිවෙයි

Covid-19 රෝගය ආසාදනය වී සිටි බංග්ලාදේශ ආරක්ෂක ලේකම් අබ්දුල්ලා අල් මොහ්සින් චෞද්රි මියගොස් තිබේ.

ඔහු ඊයේ පෙ.ව. 9.30 ට පමණ මියගිය බව එරට ආරක්ෂක අමාත්‍යංශයේ පරිපාලන නිලධාරී එම්.ඩී.භසානි මිර්සා ප්‍රකාශ කළේ යැයි 'ඩකා ට්‍රිබියුන්' පුවත් සේවය වාර්තා කරයි.

මැයි 26දින මොහ්සින් මහතා ඩකාහි ඒකාබද්ධ හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහුට Covid-19 වැළඳී ඇති බවට ජුනි 06දා සනාථ විය.

මොහ්සින් මහතා ගේ තත්ත්වය උත්සන්න වීමත් සමග ජුනි 18දා ඔහුව දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top