Jul 30, 2020

ඕස්ටේ‍්‍රලියාවේ ලැව් ගිනිවලින් සතුන් බිලියන 3ක් අනතුරට

ඕස්ටේ‍්‍රලියාවේ පසුගිය වසර අගභාගයේ දරුණු ලෙස පැතිරී ගිය ලැව් ගිනි හේතුවෙන් සතුන් බිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මිය යෑමට හෝ අවතැන් වී ඇති බව බටහිර විද්‍යාඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය නූතන ඉතිහාසයේ ලොව සිදු වූ දරුණුතම සත්ත්ව විනාශය බව ස්වභාවධර්මය පිළිබඳ ගෝලීය අරමුදල සඳහන් කරයි.

පසුගිය වසරේ ඔස්ටේ‍්‍රලියාවේ හටගත් එරට ඉතිහාසයේ දරුණුතම ලැව් ගිනි හේතුවෙන් ක්ෂීරපායී, උරග, කුරුළු යන සත්ත්ව වර්ගවලට අයත් විශාල සතුන් පිරිසක් මෙසේ මිය යෑමට හෝ අවතැන් වීමට ලක්ව ඇති බව එම අරමුදල කියයි .  

ඉකුත් සැප්තැම්බර් සිට පෙබරවාරි තුළ පැතිර ගිය මෙම ලැව් ගිනි හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ නිව් සවුත්වේල්ස් හා වික්ටෝරියා යන ප‍්‍රාන්ත දෙකෙහි පමණක් මෙම ජනවාරි මාසයේදී සතුන් බිලියන 1.25ක් මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top