Aug 04, 2020

මැනිලා අගනුවර යළිත් ලොක්ඩවුන්

නව කොරෝනාවෛරස් බලපෑම යළි ඉහළ යාමත් සමග පිලිපීනයේ ලුසොන් දූපතේ පිහිටි මැනිලා අගනුවර හා ඒ අවට තවත් පළාත් 4ක් යළිත් ලොක්ඩවුන් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය දිනවල පිලිපීනයෙන් වාර්තා වූ කොරෝනාවෛරස් රෝගීන් ප්‍රමාණය පස්ගුණයකින් ඉහළ යාමත් එරට වෛද්‍ය සේවා පද්ධතිය කඩාවැටිය හැකි බව වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබුණි. 

මේ අනුව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පිටතට යාම හෝ එළිමහනේ ව්‍යායාම කිරීමට හැර පිලිපීන වැසියන් හට සිය නිවෙස් වලින් පිටතට යාමට නොහැකිය.

පොදු ප්‍රවාහනය ද, දේශීය ගුවන් ද අත්හිටුවා ඇති අතර, අවන්හල් විවෘත වන්නේ ආහාර ගෙන යාමට (Takeaway)සඳහා පමණි.

අඟහරුවාදා සිට බලාත්මක වූ මෙම තත්ත්වය සති දෙකක් පුරාවට පවතිනු ඇත.

මීට කලින් මාස කිහිපයක් පුරාවට පිලිපීනයේ පැවති ලොක්ඩවුන් තත්ත්වය ඉවත් කෙරුණේ ජුනි මාසයේදීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top