Aug 04, 2020

පරිගණක මූසිකයේ සම නිර්මාතෘ මියයයි Featured

පරිගණක මූසිකයේ (computer mouse) සම නිර්මාතෘ විලියම් ඉංග්ලිෂ් මියගොස් තිබේ.

මියයන විට ඔහු ගේ වයස 91කි.

වසර 1929දී ඇමෙරිකාවේ කෙන්ටකි හි උපත ලැබූ විලියම්, ඉංජිනේරුවරයෙකු හා නව නිපැයුම්කරුවෙකු විය.

ඔහු විසින් පළමු පරිගණක මූසිකය නිර්මාණය කර තිබුණේ 1963 දීය. ඒ, සිය සගයා වන ඩග් එන්ගල්බාර්ට් සමගිනි.

මෙහි මූලාකෘතිය, ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේදී නිපදවනු ලැබූ අතර, මේ අනුව,පරිගණක මූසිකයක් භාවිතා කළ පළමු පුද්ගලයා බවටද විලියම් ඉංග්ලිෂ් මහතා පත්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top