Aug 10, 2020

ඕස්ට්‍රේලියාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන අද

ඕස්ට්‍රේලියාව මෙල්බර්න් නුවරින් වාර්තා වන දෙවන රැල්ල අතරතුරදී, මේ දක්වා දිනක් තුළ සිදුවූ වැඩිම මරණ ගණන අද දිනයේදී වාර්තා වී තිබේ.

මෙල්බර්න් පිහිටි වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී මරණ 19ක් වාර්තා වී තිබේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් ආසාදිතයන් 21,400ක් හා මරණ 314ක් වාර්තා වී ඇති අතර, ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි.

තවමත් දිනකදී රෝගීන් සියගණනක් වාර්තා වුවද, මේ වන විට දෛනික ආසාදන අනුපාතය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, පසුගිය 03දා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ඇරඹුනු දෙවැනි ලොක්ඩවුන් තත්ත්වය සාර්ථක වී ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද එම වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top