Aug 15, 2020

ජපානය දෙවන ලෝක යුද්ධයෙන් ඉවත් වී වසර 75 සමරයි

ජපානය දෙවන ලෝක යුද්ධයෙන් යටත් වී අදට (15) වසර 75 ක් සපිරේ.

ජපානය පරාජය බාර ගැනීමත් සමඟ ගැටුමේ අවසානය සනිටුහන් විය.

ජපානයට එරෙහි යුද්ධයෙන් බ්‍රිතාන්‍ය හා පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මරණ 71,000 ක් සිදුව ඇති බවට ගණන් බලා තිබේ.

මිලියන 2.5 කට අධික ජපන් හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් ද මෙම යුද්ධයෙන් මියගොස් ඇතැයි විශ්වාස කෙරේ.

1945 අගෝස්තු 15 වන දින එවකට ජපාන අධිරාජ්‍යයා වූ හිරෝහිටෝ ජාතිය අමතා සටන අවසන් කරන බව නිවේදනය කළේය. රටේ නිල යටත් වීම එම වසරේම සැප්තැම්බර් 2 වන දින අත්සන් කරන ලදී.

ජපානය තුල ගැටුම් අවසන් වූයේ අගෝස්තු 6 සහ 9 යන දිනවල එක්සත් ජනපදය හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙන් දින කිහිපයකට පසුවය.

200,000 කට වැඩි පිරිසක් මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇතැයි විශ්වාස කෙරේ.

මූලාශ්‍රය-බීබීසී

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top