Aug 19, 2020

අත්ලාන්තික් සාගරයේ ටොන් මිලියන 21ක ක්ෂුද්‍ර ප්ලාස්ටික්!

අත්ලාන්තික් සාගරයේ පාවෙන ක්ෂුද්‍ර ප්ලාස්ටික් (micro plastic) ප්‍රමාණයේ බර ටොන් මිලියන 12-21 ක් පමණ වනු ඇති බව විද්‍යාඥයින් සොයාගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානය විසින් අත්ලාන්තික් සාගරයේ ඉහළ මීටර් 200 ආශ්‍රිතව සිදුකළ ගවේෂණයේදී මේ බව සොයාගෙන ඇත.

මෙය, කන්ටේනර් නැව් 1000කට පමණ සම්පූර්ණයෙන් පැටවිය හැකි බරක් බව ඔවුන් පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍යයේ සිට ෆෝක්ලන්ඩ් දූපත් දක්වා සිදුකළ මෙම ගවේශණයේදී මුහුදු ජලය ඝනමීටරයක ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 7,000ක් දක්වා හමුවී ඇත.

මේ බව නේචර් කමියුනිකේෂන්ස් ජර්නලයේ පළ කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top