Aug 23, 2020

12 ට වැඩි දරුවන්ටත් මුහුණු ආවරණ පළඳින්න නිර්දේශ

වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ද මුහුණු ආවරණ පැළඳිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කර ඇත.

කුඩා දරුවන් අතර Covid-19 වසංගතය පැතිරෙන අයුරු සම්බන්ධයෙන් තමා සතු දැනුම අල්ප වුවත්, නව යොවුන් වයසේ පසුවන දරුවන් අතර, මේ රෝගය වැඩිහිටියන් අතර පැතිරෙන ආකාරයටම පැතිරෙන බව සාක්ෂි වලින් දැක්වෙන බව WHO කියා සිටියි.

කෙසේවෙතත් වයස අවුරුදු 05 ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළඳීම නුසුදුසු බව එම සංවිධානය කියා සිටියි.

මේ වනවිට  Covid-19 වසංගතය හේතුවෙන් ලොවපුරා පුද්ගලයන් 800,000ක් පමණ මියගොස් ඇති අතර, වැඩිපුරම රෝගීන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙන්, ඉන්දියාවෙන් හා බ්‍රසීලයෙන් බව ජෝන් හොප්කින්ස් සරසවිය සඳහන් කරයි. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top