Aug 25, 2020

වසර 1,100ක් පැරණි කාසි තොගයක් ඊශ්‍රායලයෙන් Featured

මධ්‍යම ඊශ්‍රායලයේ පුරාවිද්‍යා කැණීමකට ස්වේච්ඡාවෙන් සහභාගී වූ තරුණයින් පිරිසකට වසර 1,100 ක් පුරාවට මැටි බඳුනක තැන්පත් කර තිබූ රන් කාසි 425 ක් හමුවී තිබේ.

මෙහි ඇති කාසි බහුතරයක් මුල් ඉස්ලාමීය යුගයට අයත් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ග්‍රෑම් 845ක් බරැති මෙම කාසි එම කාලයේ දැවැන්ත මුදලක් වන්නට ඇති බවත්, ප්‍රධාන නගරයක සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට ප්‍රමාණවත් බවත් විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

මෙතරම් රන් කාසි ප්‍රමාණයක් එකවර හමුවීම අතිශය දුර්ලභ අවස්ථාවක් බවත්, මෙම මුදල් වළදැමූ පුද්ගලයා එය නැවත ලබා ගැනීමට අපේක්ෂාවෙන් කර ඇති බවත්, එම බඳුන නොසෙල්වීම සඳහා ඇණයක් පවා ගසා තිබූ බවත් කැණීමේ අධ්‍යයක්ෂකවරුන් පවසා තිබේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top